වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් ගණන 90,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ, අනුව මේ වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 90,306ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ.
මේ අතර දිවයින පුරා ඩෙංගු මරණ 65ක් සිදුව ඇති අතර, රෝගී මරණ අනුපාතය සියයට 0.07ක් ලෙසයි දැක්වෙන්නේ.
ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් සඳහන් කරන්නේ අගෝස්තු මාසයේ ගතවූ දින 10ක කාලය තුළ ඩෙංගු රෝගීන් 4,959 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
මේ අතර වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.96%ක් එනම් රෝගීන් 47,824 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, දකුණු පළාතෙන් රෝගීන් 13,361 දෙනෙකු සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,027ක් වාර්තා වී තිබෙනවා.













