මෙරට සංචාරය සඳහා පැමිණ සිටි ඉන්දියාවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ ප්‍රාන්ත මන්ත්‍රීවරයෙක්ට, තවත් පුද්ගලයෙක්ට සහ ඔවුන් ගමන් ගත් වෑන් රථයට පහර දුන් බව කියන පුද්ගලයෙක් වැලිගම මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ප්‍රාන්ත මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් මෙරට සංචාරය සඳහා ඉකුත් 03 වෙනිදා පැමිණ ඇති අතර එම පිරිස කුලී වෑන් රථයකින් විවිධ ප්‍රදේශවල සංචාරය කොට පසුගිය 06 දින වැලිගම ප්‍රදේශයට පැමිණ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට තිබෙනවා.
පසුදින පස්වරුවේදී එම පිරිස වැලිගම වෙනත් හෝටලයකට ගොස් නැවත ලැඟුම් ගෙන සිටි හෝටලයට වෑන් රථයෙන් පැමිණෙමින් සිටියදී ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම, පැලෑන වටරවුම ආසන්නයේදී ලොරි රථයක් නිසා මාර්ගය හරස්වීම හේතුවෙන් එම අවස්ථාවේදී ඉන්දියානු ජාතිකයන් පැමිණි වෑන් රථය නවතාගෙන සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
එහිදි යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් වෑන් රථයට පහරදී ඇති අතර එම අවස්ථාවේ වෑන් රථයේ සිටි ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ ප්‍රාන්ත මන්ත්‍රීවරයා ඇතුළු පිරිස වෑන් රථයෙන් බැස එම පුද්ගලයා අසලට ගමන් කිරිමේදි අදාළ යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයා විසින් ඔවුන්ට ආරක්ෂක හිස් වැසුමෙන් සහ යකඩ පොල්ලකින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව ඉන්දියානු ජාතිකයන් පිරිස වැලිගම මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කොට ඇති අතර ඒ අනුව පහරදීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට වැලිගම මූලස්ථාන පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත්, එම සැකකරු ඊයේ (08) දින නීතීඥයෙකු මගින් පොලිසිය වෙත භාර වී තිබුණා.
එම සැකකරු වයස 33 වන මිරිස්ස ප්‍රදේශයේ ධීවරක් බවත් වැඩිදුර විමර්ශන කටයුතු අනතුරුව ඔහු අද (09) දින මාතර මහේස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.













