බන්ධනාගාර ගතකර සිටින අකිලගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක්

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ කාරියවසම්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරාල විසින් විශේෂ ලිපියක් වැඩ බලන කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකර තිබෙනවා.

එම ලිපිය මඟින් මහ ලේකම්වරිය දන්වා ඇත්තේ අගෝස්තු මස 18 වන දින තෙක් මැගසින් බන්ධනාගාරය තුළ රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටින අකිල විරාජ කාරියවසම්, වැඩ බලන කොමසාරිස් ජනරාල්වරයාගේ භාරයට පත් කර ඇති බවයි.

ඒ, අනුව ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගකිව යුතු බව තවදුරටත් අදාළ ලිපිය මඟින් දන්වා තිබෙනවා.

එමෙන්ම වැඩ බලන කොමසාරිස් ජනරාල්වරයා හමු වී සාකච්ජාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනට සහ තමාට කඩිනමින් වේලාවක් ලබා දෙන ලෙසයි මහ ලේකම්වරිය අදාළ ලිපිය මඟින් ඉල්ලා සිටින්නේ.

WhatsApp Image 2026 08 07 at 5.16.31 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37