අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා සල්ලාලයන්ට අලෙවි වු හැටි

වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික ශ්‍රමිකයෙක් ලෙස අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ගල්කිස්ස පොලිසිය ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර ආදාල දැරියගේ මව සහ චීවර ධාරියෙකු ද සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය පිටු ඔස්සේ මාස තුනක පමණ කාලයක සිට අදාල දැරිය මෙලෙස අලෙවිකර ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මීට අමතරව දැරිය අලෙවි කිරීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරීමට වෙළඳ දැන්වීමක් නිර්මාණය කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති අතර රුපියල් දසදහසේ සිට රුපියල් තිස්දහස අතර මිල ගණන් වලට දැරිය විවිධ පුද්ගලයින්ට අලෙවිකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

දැරියගෙන් කළ විමසීමකදී ඇයව ලිංගිකව අපයෝජනයට පත්කළ තවත් පුද්ගලයින් විසිදෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින්ගෙන් 16 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42