මහර බන්ධනාගාර සිද්ධිය ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක් – බන්ධනාගාරයට දැඩි හානි (වීඩියෝ)

මහර බන්ධනාගාරය තුළ ඊයේ (01) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් බන්ධන්ගාරයට දැඩි අලාභ හානි සිදුව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර අධිකාරි ඒ.සී ගජනායක පවසනවා.

අද (02) උදෑසන මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

ඊයේ (06) පස්වරුවේ ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය අද (02) උදෑසන දක්වා පැවති බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී රැඳවියන් විසින් බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, බන්ධනාගාර රෝහල, ඊයේ දිනයේ විවෘත කළ රැඳවියන් වෙනුවෙන් ඉදිකරන ලද පුනරුත්තාපන ගොඩනැගිල්ල, ප්‍රධාන ජේලර් කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ කර ඇති බවයි පැවසුවේ.