මහර බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කෙරේ

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව මේ වන විට පාලනය කිරීමට පියවර ගෙන ඇති බව පොලසිය පවසනවා.

රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඊයේ (01) පස්වරුවේ ඇති වූ යම් මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාරය තුළ මෙම නොසන්සුන්තාවය හට ගත්තා.

මෙහිදී රැඳවියන් 07 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

එලෙස රෝහල් ගත කළ එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත් වූ බවයි පසුව තොරතුරු වාර්තා වුණේ.

ඇති වූ නොසන්සුන්තාවය අතර තුර රැඳවියන් විසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශයට ගිනිතබා ඇති බවට තොරතුරු වාර්තා වුණා.

මේ අතර ඇති වූ මෙම තත්ත්වය පාලනය කිරීමට විශේෂ කාර්ය බළකාය, යුධ හමුදාව සහ පොලීසිය යෙදවීමට ද පියවර ගෙන තිබුණා.

මේ අතර බන්ධනාගාරයේ ආරක්ෂාව වෙනුවෙන් ඊයේ (01) රාත්‍රියේ යුද හමුදා සන්නද්ධ රථ යෙදවීමට කටයුතු කළා.

එමෙන්ම තත්ත්වය නිරීක්ෂණයට ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ද ඊයේ (01) රාත්‍රියේ මහර බන්ධනාගාරය වෙත පැමිණියා.

මේ අතර පවතින තත්ත්වයන් තුළ මහර ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් කිහිපයකට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ද පොලීසිය කටයුතු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26