මහර බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට යළිත් නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.
බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන හඬ කිහිපයක් ඇසීමත් සමඟ රැඳවියන්ගේ ඥාතීන් ආරක්ෂක ගේට්ටු බිඳගෙන යාමට උත්සහ කර ඇති බවයි වාර්තා වුණේ.,
ඔවුන්ව වැළක්වීමට ආරක්ෂක අංශ කටයුතු කිරීමේ දී මෙම නොසන්සුන්තාවක් ඇතිව තිබෙනවා.
මෙහිදී ආරක්ෂක අංශ නිලධාරින් වෙත ගල් ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බවයි දසත නිවුස් මාණ්ඩලික වාර්තාකරු පැවසුවේ.













