2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම අගෝස්තු මස 04 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එම විභාග කටයුතු අවසන් වනතුරු මෙම තහනම බලපැවත්වෙන් බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම තහනම් කාලය තුළ දී උසස් පෙළ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම සිදු නොකළ යුතු වනවා.
එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවලට ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර් අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධි කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම්.
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2026 අගෝස්තු 10 වෙනිදා සිට සැප්තැම්බර් 05 වෙනිදා දක්වා පැවත්වෙනවා.
මේ අතර 2026 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම එළඹෙන අගෝස්තු මස 05 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන්ම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.













