Update – මහර බන්ධන්ගාරයෙන් රැඳවියන් පිරිසක් පළා යාමට උත්සාහ කරලා – ආරක්ෂාවට පොලිසිය හා ත්‍රිවිධ හමුදාවත් කැඳවයි

රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලායෑමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට යාමේ දී මහර බන්ධනාගාර තුළ අද (01) පස්වරුවේ ඇති වූ නොසන්සුන්තාවය හටගෙන ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කළා.

බන්ධනාගාරයේ අඩි 15ක් පමණ උස තාප්පයකින් රැඳවියන් පිරිසක් පළා යාමට උත්සාහ ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එම තත්ත්වය වළක්වා ගැනීමට යාමේ දී මෙම නොසන්සුන්තාවට හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව වෙනුවෙන් ස්ථාන ගත කිරීමට පියවර ගෙන ඇති බවයි විශ්වාසවන්ත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර බන්ධනාගාරය ඉදිරිපිටට රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් රැස්ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් එක්ක එකතු වෙන්න දෙයක් නෑ එකතුවෙලා ඉන්නේ - 2029යේ ජනපති සජිත් ප්‍රේමදාස
02:39
Video thumbnail
චාමර, පූජිත් සහ හේමසිරි ගැන කට අරියි - " මාලිමා වේදිකාවට නැග්ගනම් නඩු වැටෙන්නේ නෑ"
01:28
Video thumbnail
මාදම්පේ කොහු කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න - මෙන්න නවතම දර්ශන
01:08
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ
01:10
Video thumbnail
ජන වරමට හිස නවන්න බෑනේ - ආණ්ඩුව කරන්නේ අධිකරණයට බලපෑම් කිරීමක්
03:55
Video thumbnail
ම#ණ දඬුවමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත්ගෙන් අභියාචනයක් - නීතිඥයා මාධ්‍යට කියූ දේ
01:50
Video thumbnail
මීගමුවේ බෝට්ටු අනතුරේ නවතම තත්ත්වය මෙන්න - ධීවර අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්
04:50
Video thumbnail
ශානි හා රවී ඒකාලයේ තමන්ට ලැබුණු උපදෙස් අනුව කටයුතු කළා - ප්‍රශ්නයක් තියෙනවනම් අධිකරණයට යන්න
02:21
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ - මෙන්න වීඩියෝවක් එළියට එයි
01:44
Video thumbnail
රවී, ශානි දෙන්නාට හේමසිරි, පූජිත්ට වඩා ම#ණ දඬුවම දෙන්න පුළුවන් වරදක් කරලා ?
03:03