FIFA ලෝක කුසලානයේ පුද්ගලික ආයෝජක සැලැස්ම දැඩි විරෝධය හමුවේ හකුළා ගනී

බාහිර ආයෝජකයින් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ මතභේදාත්මක නව පුද්ගලික ආයෝජක සැලැස්ම අවලංගු කළ බව ෆීෆා සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ පවසනවා.

අදාළ සැලැස්මට එල්ල වූ විරෝධය හේතුවෙන් එය හකුලා ගැනීමට සිදු වූ බවයි ෆීෆා සභාපතිවරයා සඳහන් කරන්නේ.

ලෝක කුසලානය ඇතුළු අනෙකුත් ප්‍රධාන තරගාවලි පවත්වාගෙන යාම වෙනුවෙන් ඩොලර් බිලියන 20ක වටිනාකමකින් යුත් නව අනුබද්ධිත ආයතනයක් පිහිටුවීමට යෝජනා වී තිබූ අතර, එහි 20%ක කොටස් බාහිර ආයෝජකයින්ට විකිණීමටයි සැලැස්ම වී තිබුණේ.

කෙසේ වෙතත් සාමාජිකයින් 55 දෙනෙකුගෙන් සමන්විත යුරෝපීය පාපන්දු සංගමය පවසා තිබුණේ, මෙම නව යෝජනාව ක්‍රියාත්මක කළහොත් එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කරන බවයි.

මේ අතර ෆීෆා හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කෙවින් ලැමූර් පැවසුවේ පාලක මණ්ඩලයේම පරිපාලනය මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රැවටීමට ලක්ව ඇති බවයි.

එමෙන්ම ගෝලීය උපාය මාර්ග සහ පාලනය පිළිබඳ ඉන්ෆැන්ටිනෝගේ ජ්‍යෙෂ්ඨ උපදේශක කාලෝස් කෝඩෙයිරෝ මෙම කාරණය සම්බන්ධයෙන් ඉල්ලා අස්වූ අතර, මෙම යෝජනාව පාපන්දු සඳහා නරක ගනුදෙනුවක් බවත් එය පාපන්දු අනාගතය උකස් කරනු ඇති බවත් ඔහු පැවසුවා.

මාර්තු මාසයේ පැවැත්වෙන ෆීෆා සම්මේලනයේදී සිව්වන වරටත් සභාපති ධුරයට තේරී පත්වීමට උත්සාහ කරන වත්මන් සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මෙම වාතාවරණය හමුවේ දැඩි පීඩනයක ලක්ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බඩ ඉරිඟු ගෙන්වීමේදී සිදුවූ අතයට ගණුදෙනු නාමල් හෙළිකරයි - කෙළින්ම සල්ලිවලට වැඩේ ගිහින්
06:52
Video thumbnail
එදා හේමසිරි හරි අපූරුවට දුන්න උත්තරය - "මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නෑ"
04:01
Video thumbnail
ලෙඩෙක්ට ඉදගන්න බංකුවක් තියන්න නොදෙන මිනිස්සු.."ලෙඩ්ඩු ගිහින් දාන්න වැඩිහිටි නිවාසයකට.."
05:02
Video thumbnail
කිරි කොරහා නටන්න දඹානේ ඉදලා මාදම්පෙට ආ ආදිවාසින් - කොහොමද ඒ නැටුමේ ලස්සන ?
02:32
Video thumbnail
ගාල්ලට වැසි ඇදෙහැලෙන අයුරු
01:42
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට
00:57
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට - ඉපැරැණි ගස් සහ ස්ථානත් මතුවෙයි
01:20
Video thumbnail
ගාල්ලට වැසි ඇදෙහැලෙන අයුරු - මුහුදු රළුවෙයි - සුළං තදවෙයි
02:06
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08