කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, අනුව වාරි මාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම විශ්ලේෂණය අනුව ඉදිරි පැය 48 කාලය තුළ දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශ වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශ වල පදිංචි මහජනතාවගෙන්, ගංඟාව පරිහරණය කරන්නන්ගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ට අවදානයෙන් සිටින ලෙස දැනුම්දෙනවා.













