මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,724 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඊයේ (30) දිනයේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 633ක් හඳුනාගෙන ඇති බව ද එම ඒකකය සඳහන් කරනවා.
මේ අතර ජූලි මාසයේ ඊයේ (30) දින දක්වා වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 29,350ක්.
වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත අතර,රෝගීන් 17,971ක් එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,814ක් ද හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවල සඳහන්.













