ඉරානය සහ ඇමරිකාව අතර උත්සන්න වන ආතතීන් නොතකා ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 1.25කින් පහළ ගොස් ඇති අතර, මේ වනවිට එය පවතින්නේ ඇමරිකානු ඩොලර් 89.49ක අගයකයි.
මේ අතර ඇමරිකාව විසින් වෙළදපොලට නිකුත් කරනු ලබන WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 0.94කින් පහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 83.52ක් ලෙසයි.
එක්සත් ජනපදය සහ ඉරානය අතර ප්‍රසාරණය වන ගැටුම නොතකා තෙල් ටැංකි මැද පෙරදිගින් පිටව යාම දිගටම කරගෙන සිදුකරගෙන යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
+1













