එල් නිනෝ තත්ත්වයේ වුවත් ජල සැපයුම සීමා කිරීමට සූදානමක් නැහැ

එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ වුවද රටේ කිසිදු ප්‍රදේශයකට ජල සැපයුම සීමා කිරීමට මෙතෙක් කිසිදු සූදානමක් නොමැති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එහි සභාපති චන්දන බණ්ඩාර පවසන්නේ, පානීය ජලය ලබා ගන්නා ප්‍රධාන ජලාශ භාර වාරිමාර්ග දෙපාර්තමේන්තුව හෝ මහවැලි සංවර්ධන අධිකාරිය විසින් මේ දක්වා ජලය ලබාගැනීම සඳහා කිසිදු සීමාවක් පනවා නොමැති බවයි.

ඒ, අනුව ජාල සම්පාදන මණ්ඩලය සිය උපරිම ජල නිෂ්පාදන ධාරිතාව එලෙසම පවත්වාගෙන යන බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත්, ඉදිරියේ දී ජල මට්ටම ඉතා පහළ මට්ටමකට ඇද වැටී වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ මහවැලි සංවර්ධන අධිකාරියට සීමාවන් පැනවීමට සිදු වුවහොත් පමණක්, එම මොහොතේ උදාවන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජල සැපයුම සීමා කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted