පුත්තලම – කොළඹ සාමාන්‍ය සහ සුඛෝපභෝගී පුද්ගලික බස් රථ අද (27) පස්වරුවේ සිට ධාවනයෙන් ඉවත් වෙමින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
කොළඹ සිට පුත්තලම හරහා ධාවනය වන දුර ගමන් සේවා බස් රථ සේවකයින් පසුගිය දින කිහිපය තුළ තම බස් රථ සහ සේවකයින්ට පහරදුන් බවයි වර්ජනයේ නියුතු බස් සේවකයින් පවසන්නේ.
මේ සම්බන්ධයෙන් පොලිසිය හෝ ගමනා ගමන කොමිෂන් සභාව කිසිදු පියවරක් නොගන්නා බවත් වර්ජනයට එක්ව සිටින පිරිස් කියා සිටිනවා.
පසුගිය 20, 24, 25 සහ 26 යන දිනවල දී හලාවත සහ මුන්දලමේදී තමන්ට ඔවුන් විසින් පහර දුන් බවත්, පහර කෑමට ලක්වූ ඇතැම් බස් සේවකයින් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වර්ජනයට එක්ව සිටින පුත්තලම – කොළඹ පෞද්ගලික බස් සේවකයින් සඳහන් කරන්නේ.
තමන්ට සාධාරණයක් ඉටුවන තුරු මෙම වර්ජනය සිදුකරන බව එම බස් සේවකයින් පවසනවා.













