දෙහිවල පොලිස් වසමේ දෙහිවල – ගල්කිස්ස ‘නිසල සෙවණ’ සුසාන භූමිය තුළ දී පසුගිය 19 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සහ ගල්කිස්ස පොලිස් වසමේ දී ගිනි අවියක් එල්ලකර බිය ගන්වා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ, අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම අපරාධයන්වල යතුරුපැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරු ඊයේ (26)
නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 200ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මෙම අපරාධ දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.
සැකකරු අපරාධ සඳහා භාවිත කළ ජංගම දුරකථන 03ක්, අපරාධ සිදුකිරීම වෙනුවෙන් සැකකරුට ලබාදි තිබූ රුපියල් ලක්ෂ 02ක මුදලින් රුපියල් 55,000ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.













