ස්ථාන දෙකක දී තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කර මෝටර් රථයකින් පලා යමින් සිටි පොලිස් පරීක්ෂකවරයෙක් මීගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයායි.
හයිලෙවල් මාර්ගයේ මීගොඩ ඉන්ධන පිරවුම්හල අසල දී සහ වටරැක 20 කණුව ආසන්නයේ ඊයේ (25) රාත්‍රී 11.30ත් 11.57ත් අතර කාලය තුළ සැකකාර ස්ථානාධිපතිවරයා මෙම අනතුරු දෙක සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු ස්ථානාධිපතිවරයාට සිදුකළ පරීක්ෂාවක දී ඔහු බීමතින් රිය පදවා ඇති බවට අනාවරණය වූ බවයි පොලිසිය පැවසුවේ.
සැකකාර ස්ථානාධිපතිවරයා අද (26) දිනයේ හෝමගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.













