කිරිදිඔයේ ගිලී ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙති

වැල්ලවාය, ඌව කුඩාඔය, තෙලුල්ල ප්‍රදේශයේ දී කිරිදිඔයේ දිය නෑමට ගිය ස්වාමීන් වහන්සේ නමක් දියේ ගිලී අපවත් වූ පුවතක් වාර්තා වනවා.

තෙලුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක ධානමය පුණ්‍ය කටයුත්තක් සඳහා පැමිණි ස්වාමීන් වහන්සේලා පිරිසක් ඊයේ
දිය නෑම සඳහා කිරිදිඔයට ගොස් තිබෙනවා.

එලෙස දියනාමින් සිටින අතර තුර එක් ස්වාමීන් වහන්සේ නමක් දියේ ගිලී ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ අනෙක් ස්වාමීන් වහන්සේලා විසින් උන්වහන්සේව ගොඩගෙන කඩිනමින් තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

රෝහල් ගතකළ අදාල හිමිනම පසුව අපවත් වී තිබෙනවා.

වයස අවුරුදු 18ක ස්වාමීන් වහන්සේ නමක් මෙලෙස අපවත් වී ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඌව කුඩාඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02
Video thumbnail
රු. කෝටි 20කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:37
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01
Video thumbnail
පඩිකාරමඩුවම බිය කරමින් දින ගණනක ඉදන් රාත්‍රියේ සහ අලුයමේ එන අමුත්තෝ
02:24
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14