2027 වසරේ පැවැත්වීමට නියමිත ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ සත්කාරකත්වය එංගලන්තයේ ‘ද ඕවල්’ ක්‍රිකට් පිටියට හිමිව තිබෙනවා.
ඒ අනුව එම තරගය ලබන වසරේ ජුනි 09 වන බදාදා දින සිට ජුනි 13 වන ඉරිදා දක්වා ‘ද ඕවල්’ (The Oval) ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.
2027, 2029 සහ 2031 යන වසරවල පැවැත්වෙන මීළඟ ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරග තුන සඳහා සත්කාරකත්වය එංගලන්තය විසින් දරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය වසරේදී නිවේදනය කළා.
ඒ අනුව එම එක් එක් තරගාවලිය සඳහා ක්‍රීඩාංගණය තෝරා ගැනීමේ වගකීම එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) සතු වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













