දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට වෙඩි තැබීමට ආ මෝටර් රථය හමුවෙයි

මාතර, දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට නාඳුනන වෙඩික්කරුවකු විසින් වෙඩි තබා පලා ගිය මෝටර් රථය සොයාගෙන තිබෙනවා.

දික්වැල්ල, අලුත් බෙලිඅත්ත මාර්ගයේ දමාගොස් තිබිය දී මෙම මෝටර් රථය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (22) රාත්‍රියේ අලුත් බෙලිඅත්ත මාර්ගයේ මෝටර් රථයක් නවතා තිබී ඇති අතර, පොලිසිය එය පරීක්ෂාවට උත්සාහ කිරීමේ දී රියදුරු විසින් එය නොනවත්වා ධාවනය කර තිබෙනවා.

පසුව මෝටර් රථය කාණුවකට වැටී අනතුරට ලක්ව ඇති අතර, එම අවස්ථාවේ දී එහිදී රියදුරු පලාගොස් ඇතැයි බවයි පොලිසිය පැවසුවේ.

පොලිස් නිලධාරීන් විසින් රථය පරීක්ෂා කිරීමේ දී එය මෙම වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය බවට හඳුනාගෙන තිබෙනවා.

දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට නාඳුනන වෙඩික්කරුවකු විසින් පෙරේදා (21) රාත්‍රියේ වෙඩි තබා පලාගොස් තිබුණා.

මෙම වෙඩි තැබීම දෙවුන්දර දේවාලයේ පෙරහැර සම්බන්ධයෙන් අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අතර ඇති වුණ මතගැටුමක් හේතුවෙන් සිදුවූවක් බවයි සැකපළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08