නෝර්වුඩ් සභාවේ උණුසුම් තත්ත්වයක් – මාලිමා සභාපතිගෙන් මාධ්‍යට තහංචියක්

ජාතික ජන බලවේගයට බලය හිමි නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම එම සභාවේ සභාපති ජොහන්නස් ෆ්‍රැන්සිස් ඇලන්ගේ ප්‍රධානත්වයෙන් අද (21) දින පැවති අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක්ව සභාපතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පෑමත් සමග එම සභාව තුල දැඩි උණුසුම් තත්වයක් ඇති වූ බවට වාර්තා වනවා.

ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටතට පැමිණිම නිසා සභාව විනාඩි 10කට කල් දැමීමට සභාපතිවරයා පියවර ගෙන තිබුණා.

එමෙන්ම මාසික සභා රැස්වීම ආවරණය කිරිම සඳහා නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව වෙත ගොස් සිටි මාධ්‍යවේදින් කිහිපදෙනෙක් සඳහා, මාසික සභා රැස්වීම ආවරණය කිරිමට සභාපතිවරයා අවසර ලබා නොදුන් බවත්, සභාපතිවරයාට හිතවත් මාධ්‍යවේදින් නොවන දෙදෙනෙක්ට මාසික සභා රැස්වීම ආවරණය කිරිමට සභාපතිවරයා විසින් අවසර ලබා දීම සම්බන්ධයෙන්ද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් සිය විරෝධය පළකර තිබුණා.

සභාපතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ, සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ සහයෝගය මත සභාපතිවරයා ක්‍රියා කරන බවත්, එම මන්ත්‍රීවරුන්
තිදෙනා පමණක් ලබා දෙන යෝජනා ක්‍රියාවට නැංවීමට සභාපතිවරයා කටයුතු කරන බවයි.

සභාපතිවරයෙකුගේ කාර්ය භාරය නොදත් අයෙක් එම තනතුර සදහා පත් කිරිම හමුවේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මෙවැනි අර්බුදකාරි තත්වයකට පත් වී ඇති බවයි එම සභාව නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ.

මාසික සභා රැස්වීම ආවරණය කිරිමට මාධ්‍යට අවසර ලබා නොදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එම සභාවේ සභාපතිවරයාගෙන් කළ විමසුමක දී ඔහු පවසා තිබුණේ, සභාවේ පවතින උණුසුම් තත්වය පමණක් මාධ්‍ය මගින් ප්‍රචාරය කරන බවත්, සභාපතිවරයා වශයෙන් තමන් කරන ප්‍රකාශ කිසිවක් මාධ්‍ය යෙන් ප්‍රචාරය නොකරන නිසා තමන් මාධ්‍යට වාරණයක් පැනවූ බවයි.

එවැනි තත්වයක් මත තමන්ට හිතවත් දෙදෙනෙක් අද දින පැවති මාසික සභා රැස්විම ආවරණය කිරිමට අවසර ලබා දුන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරාගේ ප්‍රශ්නේ නිසා කන්ෆියුස් වුණු අධිකරණ ඇමති
06:17
Video thumbnail
පැලවත්තටයි ටිල්වින්ටයි ජනතාව බලය දීලා නෑ..බිමල් රත්නායකට පි#සු..මෙයාලට පැටලිලා
07:02
Video thumbnail
වහලා දාන්න මේ හොස්පිටල් එක - පිස්සෙක් තමයි උඩ ඉන්නේ
01:45
Video thumbnail
ගොවීන්ට දැන් ලොකු ප්‍රශ්නයක් නෑ - ගොවියෝ සතුටින්
02:57
Video thumbnail
ඊයේ රෑ ගල්කිස්සේ වැරදුණු වෙ#ල්ලේ මෙන්න තවත් දර්ශන
01:22
Video thumbnail
මේ ඩෙංගු වෛරසය වෙනදට වඩා දරුණු තත්ත්වයක තියෙන්නේ - ඉක්කමනින් නිරෝගී පුද්ගලයින් රෝගී කරනවා
06:33
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හූ කියලා පන්නයි - හැටන් දික්ඔය නගර සභාව උණුසුම්
11:29
Video thumbnail
PUCSL එකට ගිහින් රටට වෙන්න යන විනාශය දයාසිරි හෙළිකරයි - විදුලි කප්පාදුවකට මුළු රටටම මුහුණ දෙන්න වෙයි
11:43
Video thumbnail
බොරලු කියලා පස් දාලා පාරවල් හදලා සංවර්ධනය කරනවා කියලා පෙන්නනවා
06:26
Video thumbnail
ඊයේ රෑ ගල්කිස්සේ වැරදුණු වෙ#ල්ලේ මෙන්න තවත් දර්ශන - වෙ#ක්කරුවන් එන හැටි
02:32