ජාතික ජන බලවේගයට බලය හිමි නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම එම සභාවේ සභාපති ජොහන්නස් ෆ්‍රැන්සිස් ඇලන්ගේ ප්‍රධානත්වයෙන් අද (21) දින පැවති අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක්ව සභාපතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පෑමත් සමග එම සභාව තුල දැඩි උණුසුම් තත්වයක් ඇති වූ බවට වාර්තා වනවා.
ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටතට පැමිණිම නිසා සභාව විනාඩි 10කට කල් දැමීමට සභාපතිවරයා පියවර ගෙන තිබුණා.
එමෙන්ම මාසික සභා රැස්වීම ආවරණය කිරිම සඳහා නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව වෙත ගොස් සිටි මාධ්‍යවේදින් කිහිපදෙනෙක් සඳහා, මාසික සභා රැස්වීම ආවරණය කිරිමට සභාපතිවරයා අවසර ලබා නොදුන් බවත්, සභාපතිවරයාට හිතවත් මාධ්‍යවේදින් නොවන දෙදෙනෙක්ට මාසික සභා රැස්වීම ආවරණය කිරිමට සභාපතිවරයා විසින් අවසර ලබා දීම සම්බන්ධයෙන්ද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් සිය විරෝධය පළකර තිබුණා.
සභාපතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ, සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ සහයෝගය මත සභාපතිවරයා ක්‍රියා කරන බවත්, එම මන්ත්‍රීවරුන්
තිදෙනා පමණක් ලබා දෙන යෝජනා ක්‍රියාවට නැංවීමට සභාපතිවරයා කටයුතු කරන බවයි.
සභාපතිවරයෙකුගේ කාර්ය භාරය නොදත් අයෙක් එම තනතුර සදහා පත් කිරිම හමුවේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මෙවැනි අර්බුදකාරි තත්වයකට පත් වී ඇති බවයි එම සභාව නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ.
මාසික සභා රැස්වීම ආවරණය කිරිමට මාධ්‍යට අවසර ලබා නොදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එම සභාවේ සභාපතිවරයාගෙන් කළ විමසුමක දී ඔහු පවසා තිබුණේ, සභාවේ පවතින උණුසුම් තත්වය පමණක් මාධ්‍ය මගින් ප්‍රචාරය කරන බවත්, සභාපතිවරයා වශයෙන් තමන් කරන ප්‍රකාශ කිසිවක් මාධ්‍ය යෙන් ප්‍රචාරය නොකරන නිසා තමන් මාධ්‍යට වාරණයක් පැනවූ බවයි.
එවැනි තත්වයක් මත තමන්ට හිතවත් දෙදෙනෙක් අද දින පැවති මාසික සභා රැස්විම ආවරණය කිරිමට අවසර ලබා දුන් බවයි.













