පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම ලැබූ පරාජයත් සමඟ අද (20) දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස එරට ජනාධිපති ජේවියර් මිලෙයි ප්‍රකාශයට පත්කර තිබෙනවා.
උතුරු ඇමරිකානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දැක්වූ දක්ෂතාවයට ගෞරව දැක්වීම සඳහා රජයේ නිවාඩු දිනයක් ලබාදෙන බවයි ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
මේ අතර ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට ඉදිරි සැමරුම් සඳහා නිශ්චිත දිනය තෝරා ගැනීමට අවසර දෙන බවත් ජේවියර් මිලෙයි ජනාධිපතිවරයා නිවේදනය කර තිබෙනවා.
කෙසේ වෙතත් ජේවියර් මිලෙයි ජනාධිපතිවරයාගේ මෙම නියෝගය පිළිබඳව එරට තුළ දැඩි මහජන විවාදයක් ඇතිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2026 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ආර්ජන්ටිනා කණ්ඩායම ස්පාඤ්ඤයට එරෙහිව ගෝල 1-0 ක පරාජයක් උරුමකර ගත්තා.













