කොළඹ – මහනුවර මාර්ගයේ කඩුගන්නාව, ගනේතැන්න අතර මාර්ග කොටසේ එක් මංතීරුවක් පමණක් විවෘත තැබීමට තීරණය කර තිබෙනවා.
මාර්ගයට ගල් පෙරළීම සහ පස් කඳු කඩා වැටීමේ අවදානම සම්බන්ධයෙන් සිදුකළ ස්ථානීය පරීක්ෂණවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.
එමෙන්ම වර්ෂාව පැවතිය හොත් රාත්රී කාලයේ දී මාර්ගය වසා තැබීමට තීරණය වී ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර කොළඹ – මහනුවර මාර්ගයේ කඩුගන්නාව හරහා ගමන් ගන්නා වාහන හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දැනුම් දෙන්නේ.
