එකම පවුලේ පිරිසක් ගිය මෝටර් රථයක් දුන්හිඳ දී මාර්ගය මැද පෙරළෙයි

බදුල්ල, දුන්හිඳ දිය ඇල්ලට පිවිසෙන මාර්ගය ආසන්නයේ දී මෝටර් රථයක් මාර්ගය මැද පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අද (19) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් වහනය තුළ සිටි කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ පුද්ගලයින් සිව්දෙනෙක් සිට තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව තිබුණේ බලංගොඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනා ගමන් ගත් මෝටර් රථයක්.

ඔවුන් දඹුල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වී නැවත සිය නිවස බලා යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
9
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්