වර්ල්ඩ් කප් එක මැද ශ්‍රී ලංකාවේ දී ගංජා ගැසූ නවාස්ට මාස තුනක තහනමක්

පාකිස්ථාන ක්‍රීඩක මොහොමඩ් නවාස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම් උත්තේජක මර්දන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහුට මාස තුනක ක්‍රිකට් තහනමක් පැනවීමට ICC පියවර ගෙන තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් අනතුරුව සිදු කරන ලද පරීක්ෂණයකදී 32 හැවිරිදි නවාස්ගේ ශරීරය තුළ ගංජාවල අඩංගු මනෝභාවයන් වෙනස් කරන රසායනික සංරචකයක් හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

නවාස් තමන් අතින් සිදු වූ මෙම නීති උල්ලංඝනය කිරීම පිළිගෙන ඇති අතර, මෙම ද්‍රව්‍යය තරගාවලියෙන් බැහැර අවස්ථාවකදී සහ ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීමට කිසිදු අදාළත්වයක් නොමැති ආකාරයෙන් භාවිත කරන ලද්දක් බව ඔප්පු කිරීමට ඔහු සමත් වූ බව ICC ය තහවුරු කරනවා.

ICC නිවේදනයට අනුව මෙම තහනම ක්‍රියාත්මක වන්නේ ඔහු ස්වේච්ඡාවෙන්ම තාවකාලික තරග තහනමකට යටත් වූ 2026 මැයි 1 වනදා සිට බලපැවැත්වෙන පරිදිය.

නවාස් මෙම වරද පිළිගෙන ඇති අතර, අදාළ ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ප්‍රතිකාර වැඩසටහනකට සහභාගී වීමට එකඟ වී තිබෙනවා .

මෙම ප්‍රතිකාර වැඩසටහන සාර්ථකව අවසන් කිරීමෙන් පසු ඔහුගේ සමස්ත තහනම් කාලය මාසයක් දක්වා අඩු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
13
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted