ජුලි මාසයේ මුල් දින 15 තුළ මෙරටට සංචාරකයින් 90,122ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
මෙලෙස පැමිණ ඇති සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් ඉන්දියාවේ සිට මෙරටට් පැමිණි සංචාරකයින් වන අතර, එම සංඛ්‍යාව
20,480ක්.
එමෙන්ම, චීනයෙන් සංචාරකයින් 5,494ක්, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 9,277ක් සහ ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයින් 5,487ක් මෙම දින 15 තුළ මෙරටට පැමිණ තිබෙනවා.
මේ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වලට අනුව 2026 ජනවාරි 01 සිට ජුලි 15 දක්වා කාලය තුළ සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,236,695ක් ලෙස දැක්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1













