ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන “අතිශයින්ම නිෂ්ඵල සහ විශ්වසනීයත්වයෙන් තොර” එකක් බව පෙන්නුම් කර ඇතැයි ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි පවසනවා.
ඉරානයේ උත්තරීතර නායකයා ඊයේ (18) ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා.
මොජ්තාබා කමේනි පවසන්නේ, ඉරානයේ සහ එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම නැවත නැවතත් එක්සත් ජනපදය උල්ලංඝනය කිරීම තුළින් ඇමරිකානු ජනාධිපතිවරයාගේ අත්සනට වටිනාකමක් නොමැති එකක් බවයි.
මේ අතර ඉරාන ජාතිය අමතක නොවන පාඩම් උගන්වා ඇති බව එක්සත් ජනපදය දැනගත යුතු බව කමේනි වැඩිදුරටත් පවසා ඇත්තේ.
එමෙන්ම දෙරට අතර අවබෝධතා ගිවිසුම එක්සත් ජනපදය නැවතත් උල්ලංඝනය කිරීම තුළින් ටෙහෙරානය සහ එහි කලාපීය සහචරයින් අතින් එක්සත් ජනපදය යළිත් අමතක නොවන පාඩම් අත්විඳිනු ඇති බවයි ඔහු අනතුරු අඟවන්නේ.













