පොළොන්නරුව මහාධිකරණයේ නීතිඥ විජිත කුමාර විසින් රචිත ”ඇප සම්බන්ධ නීතිය” සහ ”මිහිඳුම් හිරිපොද” යන කෘති දෙක එළිදැක්වීමේ උත්සවය අද (18) පස්වරුවේ පොළොන්නරුවේ දී පැවැත්වුණා.
මේ අවස්ථාවට කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහාධිකරණවල විනිසුරුවරුන් ඇතුළු දිවයින පුරා පිහිටි අධිකරණවල විනිසුරුවන් සහ එම අධිකරණවල නීතිඥයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම කෘතිය එළිදැක්වීම සිදු කෙරුණා.
මෙහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සහභාගී වූ අතර ඔහු ආරම්භක දේශනය ද සිදු කරනු ලැබුවා.
එහිදී අදහස් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ මුල් අවස්ථා අධිකරණවල විනිසුරුවන් ඉතාමත් අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි.
අධිකරණ ක්‍රියාවලියේ ගනු ලබන තීරණ තීන්දු හමුවේ මෙලෙස එම විනිසුර්වන් අභියෝගයට ලක්වන බව ඒ මහතා සඳහන් කළා.
සම්පූර්ණ වීඩියෝව පහතින්,













