එල් නීනෝ සහ ලානීනා ගැන සාකච්ඡා අගනුවරින් බැහැරව ගමටත් ගෙන යා යුතුයි – විපක්ෂ නායක

එල්නීනෝ සහ ලානීනා බලපෑම් ඇතුළු දේශගුණික විපර්යාස හා පාරිසරික සංරක්ෂණය පිළිබඳ සාකච්ඡාවන් අගනුවරට පමණක් සීමා නොකර, ග්‍රාමීය හා නාගරික මට්ටමින් බිම් මට්ටමේ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකට අද (18) විපක්ෂ නායක කාර්යාලයේ දී එක්වෙමින්.

විදේශීය විශේෂඥ කණ්ඩායමක් ද සහභාගී වූ මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණේ එල්නීනෝ ලානීනා කාලගුණ තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, කාලගුණික හා දේශගුණික විපර්යාසයන්ගෙන් එල්ල වන අභියෝග ජය ගැනීමට මිනිස් ක්‍රියාකාරකම් සෘජුවම බලපාන බැවින්, ප්‍රජා සහභාගීත්වයෙන් යුත් පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළකට නායකත්වය දීම අත්‍යාවශ්‍ය වී ඇති බවයි.

දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සාකච්ඡා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඔබ්බට ගෙන ගොස් සාමාන්‍ය ජනතාව ඊට හවුල් කරගැනීම තුළින් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් වන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

පවතින එල්නීනෝ සහ ලානීනා තත්ත්වයන් හේතුවෙන් මෙරට පරිසර පද්ධතියට, ජෛව විවිධත්වයට මෙන්ම මානව හා සත්ත්ව සම්පතට බරපතළ බලපෑම් එල්ල වී ඇති බවත්, ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගත යුතු බවත් මෙහිදී අවධාරණය කෙරුණා.

එමෙන්ම අලි මිනිස් ගැටුම අවම කිරීම සහ කොටියන් සංරක්ෂණය වැනි කාලීන මාතෘකා පිළිබඳව ද මෙහිදී විද්වත් අවධානය යොමු වුණා.

දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණ විද්‍යාඥයකු වන මහාචාර්ය අහිම්සා කැම්පොස්-ආර්සෙයිස් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගීව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38