අවුරුදු 14 බාලවයස්කරුවන් දෙදෙනා ලක්ෂ 10කට වැඩි වටිනා ජංගම දුරකථන උස්සලා

එප්පාවල ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවිසැලකින් රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථන, උපාංග සහ මුදල් සොරාගත් වයස අවුරුදු 14ක බාලවයස්කරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම බාලවයස්කරුවන් දෙදෙනා පසුගිය 04 වනදා අලුයම් කාලයේ එප්පාවල නගරයේ බස් නැවතුම්පොළ අසල පිහිටි ජංගම දුරකථන අලෙවිසැලක ඉදිරිපස වීදුරුව බිඳ දමා ඊට ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සොරකම සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන සිදුකළ පොලිසිය ඊයේ (17) දිනයේ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එප්පාවල ශ්‍රී සුදර්ශනාරාම පිරිවෙනේ නේවාසිකව අධ්‍යාපනය ලබන මෙම බාල වයස්කරුවන් දෙදෙනා තලාව, නබඩවැව සහ එප්පාවල, රොටවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ලද රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 06ක් සහ රුපියල් 5000ක මුදලක් සොයාගෙන තිබෙනවා.

මෙම සැකකාර සිසුවෙක් අදාළ වෙළඳසැලට පෙර දිනක පැමිණ, ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක මිල ගණන් විමසා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එම දුරකථනය මිලදී ගෙන දෙන ලෙස සිය පියාගෙන් ඉල්ලා ඇති අතර, පියා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම මත මෙලෙස ජංගම දුරකථන සොරාගෙන ඇති බවයි හෙළිව ඇත්තේ.

එලෙස සොරාගත් ජංගම දුරකථන වලින් දුරකථන දෙකක් තම පාවිච්චිය සඳහා සැකකාර බාලවයස්කරුවන් දෙදෙනා තබාගෙන, අනෙක් ජංගම දුරකථන පිරිවනේ හිමිනමකට සහ තවත් සිසුන් කීපදෙනෙකුට බෙදා දී තිබෙනවා.

සොරාගත් එක් ජංගම දුරකතනයක් මොවුන් විසින් විහාරස්ථානයේ හිමිනමකගේ සිම්පතක් යොදාගෙන භාවිත කර ඇති අතර, ඒ ඔස්සේ අදාළ සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසිය හැකිව තිබෙනවා..

අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් දෙදෙනා සහ නඩු භාණ්ඩ ද සමඟ අද (18) දින තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පතිගේ මි#යාම ගැන නලින්දගෙන් ප්‍රකාශයක් - මේවා දේශපානය හා සම්බන්ධද ?
01:37
Video thumbnail
හිටපු පොලිස්පති සී.ඩී ගැන නලින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - එයාට පුද්ගලික ප්‍රශ්නයක් තිබ්බේ නෑ ?
06:02
Video thumbnail
මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු පොලිස්පතිගේ නිවසෙහි මේවන විට තත්ත්වය
01:38
Video thumbnail
අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ - පොඩි කොල්ලො දෙන්නගේ කෙරුවාව
04:03
Video thumbnail
ගොවියන් ආණ්ඩුවට පොල් ග#ලා යකා නටයි - ගො#, මෝ#ඩ ඇමතිලාගේ මොළේ පෑදේවා
07:48
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00