කැනඩාවට පනවා ඇති බදු ප්‍රතිශත තවදුරටත් ඉහළ දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා.
ඒ, කැනඩාව පුරා මේ වන විට පැතිර යන ලැව් ගිනි නිසා ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත දුමාරයෙන් වැසි යාම හේතුවෙන්.
ඇමරිකානු ජනාධිපතිවරයා චොදනා කරන්නේ, කැනඩාව විසින් ලැව් ගිනි තත්ත්වය පාලනය කිරීම හිතාමාතා නොසලකා හැර ඇති බවයි.
මෙම තත්ත්වය මත කැනඩාවට පනවා ඇති වෙළෙඳ බදු තවදුරටත් ඉහළ දැමීමට තමන් පියවර ගන්නා බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා තර්ජනය කර ඇත්තේ.
අපිරිසිදු, දූෂිත සහ සෞඛ්‍යයට අහිතකර වාතයෙන් එක්සත් ජනපදය අනවශ්‍ය ලෙස ආක්‍රමණය වෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
මේ අතර ඇමරිකානු පාර්ශ්වයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩග් ෆෝර්ඩ් ප්‍රකාශ කර කළේ , මැසිවිලි නඟනවා වෙනුවට ඇමරිකාව මේ වනවිට කළ යුත්තේ ලැව්ගිනි පාලනය සඳහා සහයෝගය ලබාදීම වන බවයි.
කැනේඩියානු වයිල්ඩ්ලන්ඩ් ගිනි නිවීමේ තොරතුරු පද්ධතියට අනුව සිකුරාදා වන විට කැනඩාවේ සක්‍රීයව ලැව්ගිනි 888ක් පමණ
ක්‍රියාත්මක වෙමින් තිබුණා.
ඒවායින් බහුතරයක් පාලනයෙන් තොර බවයි වාර්තා වන්නේ.
මෙලෙස කැනඩාවේ හටගෙන ඇති සිය ගණනක් ලැව්ගිනි හේතුවෙන් සමස්ත උතුරු ඇමරිකානු කලාපය පුරාම සෞඛ්‍යයට අතිශය අහිතකර සහ දූෂිත දුම් පටලයක් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ද වාර්තා වනවා.













