කැනඩාවෙන් ඇමරිකාවට එල්ල වී ඇති දුම් තර්ජන නිසා කැනඩාවට පනවා ඇති බදු වැඩි කරන්න ට්‍රම්ප් සැරසෙයි

කැනඩාවට පනවා ඇති බදු ප්‍රතිශත තවදුරටත් ඉහළ දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා.

ඒ, කැනඩාව පුරා මේ වන විට පැතිර යන ලැව් ගිනි නිසා ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත දුමාරයෙන් වැසි යාම හේතුවෙන්.

ඇමරිකානු ජනාධිපතිවරයා චොදනා කරන්නේ, කැනඩාව විසින් ලැව් ගිනි තත්ත්වය පාලනය කිරීම හිතාමාතා නොසලකා හැර ඇති බවයි.

මෙම තත්ත්වය මත කැනඩාවට පනවා ඇති වෙළෙඳ බදු තවදුරටත් ඉහළ දැමීමට තමන් පියවර ගන්නා බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා තර්ජනය කර ඇත්තේ.

අපිරිසිදු, දූෂිත සහ සෞඛ්‍යයට අහිතකර වාතයෙන් එක්සත් ජනපදය අනවශ්‍ය ලෙස ආක්‍රමණය වෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර ඇමරිකානු පාර්ශ්වයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩග් ෆෝර්ඩ් ප්‍රකාශ කර කළේ , මැසිවිලි නඟනවා වෙනුවට ඇමරිකාව මේ වනවිට කළ යුත්තේ ලැව්ගිනි පාලනය සඳහා සහයෝගය ලබාදීම වන බවයි.

කැනේඩියානු වයිල්ඩ්ලන්ඩ් ගිනි නිවීමේ තොරතුරු පද්ධතියට අනුව සිකුරාදා වන විට කැනඩාවේ සක්‍රීයව ලැව්ගිනි 888ක් පමණ
ක්‍රියාත්මක වෙමින් තිබුණා.

ඒවායින් බහුතරයක් පාලනයෙන් තොර බවයි වාර්තා වන්නේ.

මෙලෙස කැනඩාවේ හටගෙන ඇති සිය ගණනක් ලැව්ගිනි හේතුවෙන් සමස්ත උතුරු ඇමරිකානු කලාපය පුරාම සෞඛ්‍යයට අතිශය අහිතකර සහ දූෂිත දුම් පටලයක් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39