නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් හයදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා අද (17) නියෝග කළා.
ඒ, අධිකරණ නියෝග කඩ කරමින් අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් උද්ඝෝෂණ සිදුකළ බවට අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ඇප ලබා සිටින මොවුන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.
ඇපකරුවන්ට නොතිසි නිකුත් කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන දෙසැම්බර් මස 04 වනිදා දක්වා කල් තබන ලෙස නියෝග කළා.
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, රොෂාන් අලි දානිස් අලි, අමල් සාලින්ද නොහොත් ආමි අමිල, උදයංග කුමාර සහ කොස්වත්තගේ මහානාම හිමියන් අදාළ සැකකරුවන් හයදෙනායි.













