ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ LPL තරගාවලිය ගැන ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් ජැෆ්නා කිංග්ස් ෆ්‍රැන්චයිස් හිමිකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහන් කරන්නේ, මෙම කාරණය සම්බන්ධයෙන් පැන නගින පරීක්ෂණ සම්බන්ධයෙන් ඕනෑම සහායක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම LPL සංවිධායක මණ්ඩලය කටයුතු කරන බවයි.

තරගාවලියේ අඛණ්ඩතාව සහ ගෞරවය ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටින බව සඳහන් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඒ අනුව තරගාවලියට සම්බන්ධ කිසිදු පාර්ශවයකින් සිදුවන දූෂණ, විෂමාචාර හෝ අනිසි ක්‍රියාවන් කිසිසේත්ම අනුමත නොකරන බවයි අවධාරණය කරන්නේ.

එමෙන්ම මෙම සිදුවීමෙන් අද (17) ආරම්භවන තරගාවලියට ඉදිරි කටයුතුවලට කිසිදු බාධාවක් සිදු නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39