කුරුණෑගල ප්‍රමුඛ පෙළේ පාසලක පසුගිය 03 වැනිදා මෝටර් රථයක් ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්, එම මෝටර් රථයේ හිමිකාරීත්වය දරන ගුරුවරයා විසින් එම පාසලේම ඉගෙනුම ලබන 03 වන ශ්‍රේණියේ සිසුවෙක්ට මෝටර් රථය ගිනි තැබූ බවට චෝදනා කරන පුවතක් පසුගිය දා වාර්තා වුණා.
මේ අතර එම ගුරුවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, පසුය්ව සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ නිර්මාණය වූ කතා බහක් සමඟ පොලිසිය විසින් ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළා.
එම නිවේදනයේ ද සඳහන්ව තිබුණේ සිද්ධියට අදාළ වීඩියෝවල දර්ශණය වන දරුවා එම කාර් රථයට ගිනි තැබූ බවට ඇසින් දුටු සාක්ෂි කිසිවක් හෝ පර්යේෂණ සාක්ෂියක් හෝ මෙතෙක් අනාවරණය වී නොමැති බවටයි.
මේ අතර සිද්ධියට මුල් වී සිටින එම දරුවාගේ නිවැසියන්ට අදාළ ගුරුවරයාගෙන් බලපෑම් එල්ල වන බව දරුවාගේ මව චෝදනා කරනවා.
දරුවාගේ මව පවසන්නේ, අදාළ ගුරුවරයා පැමිණ තමා සිදු වූ පාඩුවට සරිලන පරිදි, දරුවා ඇතුළු නිවැසියන් පදිංචිව සිටින නිවස සහ ඉඩම, ගුරුවරයාගේ නමට පවරා දෙන ලෙසට බලපෑම් කළ බවයි.













