කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ සේවය කරනු ලබන ගුරුවරයෙක්ට අයත් පුද්ගලික මෝටර් රථයකට, එම පාසලේම 03 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් විසින් ගිනිතබා ඇති බවට අදාළ ගුරුවරයා විසින් චෝදනා කරනවා.
ඉකුත් 03 වැනිදා එම පාසලේ පැවති සම්මන්ත්‍රණයකින් අනතුරව, නැවත සිය මෝටර් රථය ගාල් කර තැබූ ස්ථානයට යන විට මෝටර් රථය ගිනිගෙන දැවෙමින් තිබූ බවට අදාළ ගුරුවරයා පවසනවා.
මේ සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ ද මේ වන තෙක් එම පැමිණිල්ලට අදාළව නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවටද අදාළ ගුරුවරයා චෝදනා කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
+1
+1













