කවරක්කුලම පොලිස් වසමේ, පාලාඩි කුලම වැවේ පාවෙමින් තිබියදී පිරිමි පුද්ගල මළසිරුරක්, අද (14) අලුයම සොයා ගත් බව කවරක්කුලම පොලිසිය පවසනවා.
මෙසේ ජීවිතක්ෂයට පත් ව ඇත්තේ, නුවර පාර, කුඩා පාලාඩිකුලම ලිපිනයේ පදිංචිව සිටි පී.ජී ශාන්ත කුමාර නැමැති 57 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
මරණකරු පාලාඩි කුලම ප්‍රදේශයේ ජීවත් වෙමින්, ප්‍රදේශයේ වැව්වල ඇති නෙලුම්, මානෙල් වැනි මල් කඩා, වෙළඳාම් කරන පුද්ගලයෙක් බව ද පොලිසිය සඳහන් කළා.
මොහු බිරිඳගෙන් වෙන්ව, සහෝදරියකගේ නිවසේ වාසය කරමින් සිටිය දී, පසුගිය 11 වැනිදා මල් කැඩීමට යන බව පවසා නිවසින් පිටව ගොස් සිටි තිබෙනවා.
මෙය දියේ ගිලී සිදුවූ මරණයක් බවට පොලිසිය සැක කරනවා.
කවරක්කුලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරැණු ලබනවා.













