අභාවප්‍රාප්ත කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයෙකු වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ භාවය නිමිත්තෙන් ශෝකය පළ කිරීම සඳහා සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අද (14) කොළඹ පිහිටි කටාර් තානාපති කාර්යාලය වෙත පැමිණියා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර කටාර් තානාපති කාර්යාලයේ තබා ඇති විශේෂ ශෝක සටහන් පොතෙහි සිය බලවත් කණගාටුව සහ ශෝකය ප්‍රකාශ කරමින් සමරු සටහනක් එක්කර තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා ‘සර්වජන බලය’ පක්ෂයේ මාධ්‍ය ලේකම්, සර්වජන බලය මුස්ලිම් සහයෝගීතාවයේ ජාතික කැඳවුම්කරු හසන් අලාල්දීන් ද සහභාගි වී සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













