පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක්කරමින් හිටපු බුද්ධි අංශ ප්රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 17 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළා.
අදාළ පෙත්සම අද (14) දිනයේ කැඳවූ අවස්ථාවේ දී, පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන වැඩිදුර කරුණු දැක්වීම් සිදුකරනු ලැබුවා.
ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම් ලබන 17 වනදා දක්වා කල්තැබීමටයි අධිකරණය නියම කරනු ලැබුවේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













