පොලිස් නිලධාරීන් හා CID නිලධාරින් ලෙස පෙනී සිටිමින් වසර ගණනක සිට මිනිස්සු මංකොල්ල කාලා – කුඩ්ඩො තිදෙනා පොලිස් දැලේ

පොලිස් නිලධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් ලෙස පෙනී සිටිමින් වසර ගණනාවක සිට පුද්ගලයින් රවටා ඔවුන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් සහ දේපොළ වංචා කළ පුද්ගලයින් තිදෙනෙක් ගම්පොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, උඩුනුවර, දවුලගල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 40, 44,45 යන වයස්වල පසුවන තිදෙනෙක්.

මොවුන් විවිධ ප්‍රදේශවලට ගොස් හුදකලාව ගමන් ගන්නා පුද්ගලයන් මෙන්ම වාහන නවතා, පොලිස් නිලධාරීන් හෝ සී.අයි.ඩී නිලධාරීන් ලෙස පෙනී සිට ඔවුන්ට විවිධ චෝදනාකර පරීක්ෂා කරන මුවාවෙන් එම පුද්ගලයින්ගේ මුදල් සහ දේපළ කොල්ල කා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පේරාදෙණිය, මහනුවර, කොම්පඤ්ඤ වීදිය, ග්‍රෑන්ඩ්පාස් ,මාවනැල්ල, නාරම්වල, පිළිමතලාව, ගම්පොළ, ගලහා, කෑගල්ල කඩුගන්නාව ඇතුළු ප්‍රදේශ රැසක 2023 වසරේ සිට මෙලෙස කොල්ලකෑම් සිදුකර තිබෙනවා.

මොවුන් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරක් මත පේරාදෙණිය ප්‍රදේශයේ දී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති අතර, ඔහුගෙන් ලද තොරතුරු අනුව අනෙක් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මොවුන් තිදෙනා හෙරොයින් හා මත්පෙති පානයට අධික ලෙස ඇබ්බැහි වී සිට ඇති අතර, කොල්ලකන ලද මුදල් සහ දේපළ සියල්ල ඒ වෙනුවෙන් වැයකර ඇති බවයි හෙළිව ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය ඔවුන්ව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

  1. පෙනී සිටිමින් මංකොල්ල කන එක මොකක්ද ඔය කියන ආයතනවල සේවය කරමින් මංකොල්ලකෑම් සිදුකරද්දි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50