මෙම වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ආසන්න වී තිබෙනවා.
ඒ, අනුව මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකක සඳහන් කරන්නේ.
මේ අතර කොළඹ, ගම්පහ, කළුතර, නුවර, රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, මඩකලපුව, ගාල්ල, මාතර, යාපනය යන දිස්ත්‍රික්ක 11 තුළ බ්‍රහස්පතින්දා සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එම දිස්ත්‍රික්ක එකොළහේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 60ක් තුළ මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













