2027 අයවැය නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) නොවැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා .

සැප්තැම්බර් මස 18 වන දින විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම සිදුකරන අතර, එය පළමුවර කියවීම
ඔක්තෝබර් මස 07 වනදා සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම 2027 විසර්ජන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට සැප්තැම්බර් මස 14 වනදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 13 වන දින සිට 20 වනද දක්වා පැවැත්වෙන අතර, කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වන දින සිට දෙසැම්බර් මස 14 වන දින දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted