සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය අතර හමූවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ද සහභාගී වූ මෙම හමුවේ දී, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුවට සහ නව ලේකම් වෛද්‍ය බණ්ඩාර වරකගොඩ ඇතුළු විධායක සභාවේ නිලධාරී මණ්ඩලයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සිය සුභපැතුම් එක්කර සිටියා.
මෙරට ජනතාවට ගුණාත්මක සහ ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කරනු ලබන සැලසුම් සහගත වැඩපිළිවෙලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
වර්තමානයේ ඩෙංගු රෝගී ව්‍යාප්තිය සහ ඩෙංගු පාලන වැඩපිළිවෙල පිළිබඳවත්, ඩෙංගු රෝගී ප්‍රතිකාර සේවා සිදු කිරීමේ දී විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මුහුණදෙන අභියෝග පිළිබඳවත් මෙම හමුවේ දී අවධානය යොමු වුණා.
මෙහිදී මෙරට ඩෙංගු මදුරු කටයුතු පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනා ඇතුලත් වාර්තාවක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් බණ්ඩාර වරකගොඩ විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට පිළිගන්වනු ලැබුවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යශය සමග මනා අවබෝධයකින් යුතුව ඉදිරි කටයුතු සිදු කිරිමට අපේක්ෂා කරන බව ද සඳහන් කළා.
මෙම හමුවේ දී දීරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය අවශ්‍යතාවයන් පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගත්තා.













