සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය අතර හමුවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය අතර හමූවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ද සහභාගී වූ මෙම හමුවේ දී, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුවට සහ නව ලේකම් වෛද්‍ය බණ්ඩාර වරකගොඩ ඇතුළු විධායක සභාවේ නිලධාරී මණ්ඩලයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සිය සුභපැතුම් එක්කර සිටියා.

මෙරට ජනතාවට ගුණාත්මක සහ ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කරනු ලබන සැලසුම් සහගත වැඩපිළිවෙලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

වර්තමානයේ ඩෙංගු රෝගී ව්‍යාප්තිය සහ ඩෙංගු පාලන වැඩපිළිවෙල පිළිබඳවත්, ඩෙංගු රෝගී ප්‍රතිකාර සේවා සිදු කිරීමේ දී විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මුහුණදෙන අභියෝග පිළිබඳවත් මෙම හමුවේ දී අවධානය යොමු වුණා.

මෙහිදී මෙරට ඩෙංගු මදුරු කටයුතු පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනා ඇතුලත් වාර්තාවක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් බණ්ඩාර වරකගොඩ විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට පිළිගන්වනු ලැබුවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යශය සමග මනා අවබෝධයකින් යුතුව ඉදිරි කටයුතු සිදු කිරිමට අපේක්ෂා කරන බව ද සඳහන් කළා.

මෙම හමුවේ දී දීරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය අවශ්‍යතාවයන් පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56