AFC Banner
Empty Ad
Empty Ad

ජනතාවට අලුත් වාහන ගන්න අවස්ථාවක්! රජයෙන් ගත් අලුත්ම තීන්දුව

තවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ පෙරේදා (24) පොල්ගහවෙල පිහිටි මයික්‍රො වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි.

දේශීයව මෝටර් රථ නිෂ්පාදනය සඳහා සමාගම් කිහිපයක් නැවත දිරිමත් කිරීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙරට තුළ නිෂ්පාදනය කරන වාහන සහ එක්ලැස් කරන රථ වාහන ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

එහිදී දිලුම් අමුණුගම අමාත්‍යවරයා මෙසේද පැවසුවා.

“අපි තීරණයක් ගත්තා වසර 2ක කාලයක් සඳහා වාහන ආනයනය නොකරන්න. එය ඉදිරියටත් එසේම විය යුතුයි කියලයි අපි කල්පනා කරන්නේ. වාහන මේ රටේ එකලස් කරපුවාම මේවා පිළිබඳ දැනුමක්  ජනතාවට ලැබෙනවා. දැන් වෙනකොට සියයට සීයක් පිටරටින් ගෙන්නලා මෙහෙ එකලස් කරනවා නෙවෙයි. සමහර කොටස් දේශීයව නිපදවන්නේ. අවුරුද්දෙන් අවුරුද්ද දේශීයව නිෂ්පාදනය කරන කොටස් වැඩි කරන්න ඕනේ කියලා අපි උපදෙස් දීලා තියෙනවා. මේ වනකොට බස් රථත් දේශීයව එකලස් කිරීම පළමු වරට ආරම්භ කරලා තියෙනවා. පළවෙනි බස් රථ 3 කොතලාවල විශ්වවිද්‍යාල සඳහා. ඒ අනුව ඉදිරියේදී පිටරටින් ගෙන්වන බස් වෙනුවට ලංකාවේ එකතු කරපු කොටස් සමග දේශීයව එකලස් කරපු බස් රථ මාර්ගවල ධාවනය කරන්න පුළුවන් වෙයි. මාසෙකට වාහන 600ක් නිෂ්පාදනය කළ මෙවැනි ආයතනය පසුගිය කාලයේ හිතාමතා බිඳ දැමීමට කටයුතු කරලා තිබුණා. ඒ නිසා අද ඔවුන්ට නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ වාහන 20ක් වගේ ප්‍රමාණයක්. ජනාධිපතිතුමා වාහන නිෂ්පාදනය කිරීම පිළිබඳ අමාත්‍යාංශයක් හදලා ඒ පිළිබඳ රාජ්‍ය ඇමතිවරයා හැටියට මාව පත්කරලා තියෙනවා.” 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
71
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?