ජනතාවට අලුත් වාහන ගන්න අවස්ථාවක්! රජයෙන් ගත් අලුත්ම තීන්දුව

තවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ පෙරේදා (24) පොල්ගහවෙල පිහිටි මයික්‍රො වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි.

දේශීයව මෝටර් රථ නිෂ්පාදනය සඳහා සමාගම් කිහිපයක් නැවත දිරිමත් කිරීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙරට තුළ නිෂ්පාදනය කරන වාහන සහ එක්ලැස් කරන රථ වාහන ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

එහිදී දිලුම් අමුණුගම අමාත්‍යවරයා මෙසේද පැවසුවා.

“අපි තීරණයක් ගත්තා වසර 2ක කාලයක් සඳහා වාහන ආනයනය නොකරන්න. එය ඉදිරියටත් එසේම විය යුතුයි කියලයි අපි කල්පනා කරන්නේ. වාහන මේ රටේ එකලස් කරපුවාම මේවා පිළිබඳ දැනුමක්  ජනතාවට ලැබෙනවා. දැන් වෙනකොට සියයට සීයක් පිටරටින් ගෙන්නලා මෙහෙ එකලස් කරනවා නෙවෙයි. සමහර කොටස් දේශීයව නිපදවන්නේ. අවුරුද්දෙන් අවුරුද්ද දේශීයව නිෂ්පාදනය කරන කොටස් වැඩි කරන්න ඕනේ කියලා අපි උපදෙස් දීලා තියෙනවා. මේ වනකොට බස් රථත් දේශීයව එකලස් කිරීම පළමු වරට ආරම්භ කරලා තියෙනවා. පළවෙනි බස් රථ 3 කොතලාවල විශ්වවිද්‍යාල සඳහා. ඒ අනුව ඉදිරියේදී පිටරටින් ගෙන්වන බස් වෙනුවට ලංකාවේ එකතු කරපු කොටස් සමග දේශීයව එකලස් කරපු බස් රථ මාර්ගවල ධාවනය කරන්න පුළුවන් වෙයි. මාසෙකට වාහන 600ක් නිෂ්පාදනය කළ මෙවැනි ආයතනය පසුගිය කාලයේ හිතාමතා බිඳ දැමීමට කටයුතු කරලා තිබුණා. ඒ නිසා අද ඔවුන්ට නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ වාහන 20ක් වගේ ප්‍රමාණයක්. ජනාධිපතිතුමා වාහන නිෂ්පාදනය කිරීම පිළිබඳ අමාත්‍යාංශයක් හදලා ඒ පිළිබඳ රාජ්‍ය ඇමතිවරයා හැටියට මාව පත්කරලා තියෙනවා.” 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14