මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු මස 13 වනදා පෙරවරු 6.17ට යෙදෙනෙ සුබ නැකතට සිදුකරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.
ඒ අනුව අගොස්තු 13 වනදා කප් සිටුවීමෙන් පසු 17 වනදා දක්වා දින 5ක් සිව් මහා දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත් වෙනවා.
අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමෙන් අනතුරව පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 18 වනදා ආරම්භ වන අතර, අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 22 වනදා වීථි සංචාරය කිරීමට නියමිතයි.
මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 23 දින ආරම්භ වන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර 27 දිනයේ වීථි සංචාරය කරන බවයි දියවඩන නිලමේවරයා සඳහන් කළේ.
ඊට පසු දින එනම් අගෝස්තු 28 වනදා දිය කැපීමේ පෙරහැර සහ දහවල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරව මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය අවසන් වනවා.
මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය පිළිබදව නිල වශයෙන් දැනුම්දීම සඳහා අද (08) පැවති සාකච්ඡාවේ දී ඔහු මේ බව සඳහන් කළා.













