හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප

අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ ඔහුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී ඔහුට ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි නියෝග කළේ.

දූෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් ඔහුව අද (08) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.