සංවිධානාත්මක අපරාධකරුවෙකුට හොර පාස්පෝට් හදලා; ආගමන විගමන නියෝජ්‍ය පාලකවරයෙක් අත්අඩංගුවට

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක (පාලන) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පිටුවහල් කර ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ඡායාරූප සඳහා වෙනත් පුද්ගලයෙකුගේ ජීව දත්ත ඇතුළත් කර තිබියදී, අදාළ අයදුම්පත්‍රය නිසි පරීක්ෂාවකින් තොරව භාරයට ගෙන විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අදාළ නියෝජ්‍ය පාලකවරයා අද (06) දිනයේ අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

කොළඹ වංචා විමර්ශන කාර්යංශය මඟින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකරු වයස අවුරුදු 51ක මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සම්බන්ධ නඩුවට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමකට අනුව කොළඹ වංචා විමර්ශන කාර්යංශය මඟින් මෙම විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted