රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අධිකරණයට රැගෙන එයි – නඩුව පස්වරු 2.00ට කැඳවීමට නියෝග (වීඩියෝ)

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ මෙන්ම සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂ හෙන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා මේ වනවිට අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී පළමු සැකකරුට පෙනි සිටින ජ්‍යෙෂ්ඨ නීතීඥ අසෝක වීරසුරිය ඉහළ අධිකරණයේ නඩුවකට පෙනි සිටින බැවින් නඩුව පසුව ගන්න ලෙස නීතීඥ සංජය මාරඹේ අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ, අනුව නඩුව දහවල් 2.00කට කැඳවිමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මීට සුළු මොහොතකට පෙර නියෝග කළේ.

සංවිධානාත්මක අපරාධකරුවකු වන හරක් කටා නමැත්තාට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම මඟින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන
රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42